මේ මම @ Facebook

පෙති තැලුනු මල් කැකුල....


නිමිත්ත:-
පියෙකු හා ඔහුගේ මිතුරන් පිරිසක් මත්පැන් පානය කර, සිය දියනිය දූශනය  කරයි..

සඳ මඩල සැගව ගිය
අදුර පිරි මහ රැයක
බබර රැනක් හෙමින් ළන් උනා
මදුවිතේ මදු සුවඳ පැතිරුනා

විදුලි මිනි නිවී ගොස්
අඳුර රජයන පැයට
බකමූනු හඬ දසත පැතිරුනා
පාළු සොහොනක හැගුම් මතු උනා

රැය පහන් කරනු රිසි
මතින් ලොල් බබර කැල
සගයෙකුගෙ නිවස්නට ලන් උනා
මල් කැකුල වෙත නෙතඟ යා උනා

දුරු රටක ගිය මව්ගෙ
උනුහුමේ සිත රඳන්
මල් කැකුල කොට්ටයට ගුලි උනා
මව් රැජින හිනයෙන් හිනහුනා

මතින් මත් බබර කැළ
හලා විශ සිය තුඩඟ
රාගින්න මල් පෙතට මුහු කලා
මල් කැකුල පෙති හොරෙන් හැකිලුවා

මතින් සිත සනසාන
ගැබුරු සිහිනෙක කිමිද
පිය රජුන් සයනයේ සැතපුනා
මල් කැකුල පෙති හලන් හැකිලුනා

Related Posts:

  • දුම්රියට පැන්න තරුණියකට දුම්රිය කී කවඈත උලමෙකු ගැයූ ගීතයෙහඩින් දෙසවන මත් උනානුබේ දෙනෙතින් ගැලූ කදුළැල්අදුන ගන්නට බැරි උනාළංව හිනහී එකට ඉන්නටවරම් නොමැතිව ලතවෙනාපීලී දෙකකට මැදිව කෙලෙසකපෙමක් හෙව්වද එක්වෙනාඅගුරු කැට කා වතුර බීගෙනසුසුම් දුම් රොඩු වගුරනායකඩ අස්සේ ගැහෙ… Read More
  • ලියමනක් රහට බත් නැති මාලු පිනි නැති කැන්ටිමක් අපි ලගම තිබුනා මිරිස් තුනපහ නොදුටු හොද්දක කදුලු බිදු ලුනු රහට හැපුනා තට්ටු පහ හය උසට හොස්ටල්  ගජේ දාගෙන ඉන්න ලැබුනා අනේ අම්මේ නින්ද එනකොට කඩුපුලක මල් සුවද දැනුනා මලක් දෑතින් ගත් ක… Read More
  • නුබ රජෙකි අරුමදහසින් බැදි පියලි අතැරවනපොත් මග දමා නිතරනූපන් පරපුරක උරුමරකිනා නුබ රජෙකි අරුමලේ බිදු දහදිය මුසුකොටසිප් බැදලූ යදම් දවනපිට මැද ලූ මුගුරු පහරහීන් කෙදිරියක දවටනත්‍රිමා වෙනුර කරපින්නාවිලංගු ලූ අකුරු සොයනදහසක් නෙත් විවර කරනනැව් කුබ… Read More
  • ගුරුවරයෙකු පාසලේදි සිසුවියක් දූෂණය කරයි ---පුවතක්----- අයනු ආයනු ඉයනු ඊයනුහෝඩි පොත පිටු ඉරා වැලපුණුසල් ගසේ මල් පොකුරු පරවීකදුළු බිදු දස අතේ විසිරුනු හේන නවදැළි කිරට පීදුනු අමර තනියට පැලට ගොඩඋනු අසනි වැසි බිම වැටුනු දවසක සාමා සල් මල් අතර තනිවුනු රෙද්ද බැනියම සුදට දිලිහුනු… Read More
  • නුබ නොදත් පෙම්වතා අහම්බෙන් එක් දිනක් නුබේ රුව හිනහුනා හද ගැබේ සැඟව තිබු කව් පදත් පිබිදුනා... නෙත් කැලුම් දකින්නට නෙතට පින ඇත කියා බෝ කලක් නුබ යනෙන  මග නොදැන තනි උනා... මල් කැකුල දකින්නට  හද හෙමින් කියු නිස… Read More

12 Comments:

  1. කාලකන්නි සමාජය කවියෙකුගේ ඇසින්...මරු

    ReplyDelete
  2. නියමයි රෙඩා නියමයි.....නිමිත්ත එලෙසින්මයි

    ReplyDelete
  3. මාමලා ගොඩක් විත් කරුවලේ මට අපල කෙරුවා
    අනේ අම්මේ මගෙ තාත්තත් ඒ අතර උන්නා

    සංවේදී සිදුවීමකට ලියැවුණු සංවේදී කවක්
    ජයවේවා ඔබට!....

    ReplyDelete
  4. උන් නං කාලකන්නිම තමා බං..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත සහෝ.....ස්තූතියි සහෝ..

      Delete
  5. සිද්ධිය ගැන කියන්න දෙයක් නැනේ... කවිය ගැන කියන්නම්......... පට්ට

    ReplyDelete
  6. අද දැක්කෙ... සුපිරිම කවක්...
    ජයවේවා..!!

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...