මේ මම @ Facebook

මිනී කපන නිමලදාස...

නිමිත්ත:-
නිමලදාසගේ 56 හැවිරිදි බිරිඳගේ මරණ පරීක්ශනයට සුපුරුදු පරිදි නිමලදාස දොස්තර හා මෝචරියට ඇතුලු විය.

එකදහස් නවසිය හැට එකේ ඉපදුන
වයස අවුරුදු හැටක් ගතවුන
ඉස්පිරිතාලේ මිනී කපන නිමලදාස
වෙදදුරු සමඟ විත් මිනී කාමරයට
බලා මියගිය සිය පිය'ඹ දෙස....

''අනේ නිමලේ ඇයිද අද මේ
පිහියකුත් අත තියන් ආවේ
හතලිහක් වස් නුඹ සමඟ ආ
මන් කපන්නද ආවෙ නිමලේ...

මන් කාර බැඳ ආව දවසේ
සේද සළු නුඹ ලිහූ සයනේ
අදත් මා සළු ලිහන මොහොතේ
මතක් වෙනවද මගේ නිමලේ....

දූ පුතුන් දුරු රටක නිමලේ
උන් හොඳින් ඇති නේද නිමලේ
එක් වරක් උන් රුව දකින්නට
මගේ ඇස් ඇරෙනවද නිමලේ.....

ලෙඩ ඇඳට මා සිරවු මොහොතේ
දරුවනුත් ළඟ නෑනෙ නිමලේ
ඇඳ ලඟට වී ඔලුව අතගා
නිඹයි හිත සැනසුවේ නිමලේ....

සුවහසක් ළය පැලූ දෑතින්
කඳුළු පිරවූ මහලු දෙනෙතින් 
මා ළයත් නුඹ පලා සැතකින්
ආදරේ සෙව්වාද නිමලේ...
ආදරේ දුටුවාද නිමලේ....

කව්ද නිමලෙට කන්න දෙන්නේ
නිමලෙ ළඟ තනි නොතනියට ඉන්නේ
මාත් එක්කම යන්න එන්නට
නුඹට ඇහැකිද මගේ නිමලේ...''

                                                                                                                               ----හිතුවක්කාරයා----

Related Posts:

  • පාට හතට..... රුදුරු මුරුසන් වැස්ස නිමවා පායනා දේදුන්න සුන්දර සිනාසෙන්නේ කිමද මෙතරම් දුරට වී හිඳ පාට තවරන්.... නුබේ ආඩම්බර සිනාවෙන් කියන්නේ යලි අසුරු සැනකින් මුරුගසන් වැසි වැටෙන බවනම් කෙලෙස අප පෙම් කරන් සිතකින්..... ඔලොක… Read More
  • වැස්ස..... ඉල්ලූ පමනින් හතර අත යදිමින් දුන්නේ කිම මෙසේ ඉවක් බවක් නොමැතිව දරා ගනු බැරි පමණ......                      &n… Read More
  • සඳ..... පෝදාට හිනහෙනා සඳගස් වැල් කිරෙන් නහවනා සඳනුබත් මා අසල ඇති සඳතනි කමක් නොදැනේය සකිසඳ.....ගගනත දිලෙන සඳරාහු විත් ගිල ගත් සඳනුබත් නැතිනම් සකි සඳකෙලෙස වාවනු කියන් මා හද....බලමින් දෙසම සුපුන් සඳකව්පද අකුරු අමුනනා සඳනුබත් නැගුනි සිහ… Read More
  • සුළඟ...... තුරු වදුල් සිප ගමින් මා ගතේ දැවටෙමින් විටෙක චන්ඩවද විටෙක සන්සුන්වද හමා යන බව දනිමි...... නමුදු නුබ..... කොහි සිටක එන්නෙහිද කොයිබට යන්නෙහිද නොදනිමි.......           &n… Read More
  • වෙනසක්.......?????? ගුවන් ගැබ අවුරාකලු වලා කෝඩ අතුරාඅකුණු සර වැදී හදමුරුසන් වැස්සේ තෙමුනා....හැරි හැරී බැලූ අතමීදුම් සලු වටව ඇතපා තබන දිශාවක් හරියටම නිච්චි නැත...... ? ? ? ? ? ? ? ? ? ? ? ? වසා පැමිනි මීදුම් සලු අතර   &n… Read More

13 Comments:

  1. ජීවිතේ එපා වෙනවා.මේක දැක්කම......හරිම ලස්සන සිතුවිල්ලක්

    ReplyDelete
  2. මේවට කියන්නේ කුනුහරුප කියලායි. ප්‍රදීප් ලියපු එකක් මේක.. මේ දින වල ජනප්‍රියම කවිය. කැතයි හොදේ

    ReplyDelete
  3. Sahodaraya... Hodata kiyawala balanna... Pradeep liyapu kawiyai me kawiyai dekama ekakda kiyala... Kawiyata nimiththa eka unata kawiya ekama newei...hodata kiyawala balanma kawi 2ke wenass

    ReplyDelete
    Replies
    1. සොරි වෙන්යෝනේ.. කවිය කියෙව්වේ නැහැ. හෙඩිමයි අප්සැට් උනේ. කමක් නැහැ.. ඒ ඇසුරින් තවත් කවි බිහි උනාම තවත් ශක්තිමත් වේවි..

      Delete
  4. පිස්සු හැදිල ආයෙත් හැදෙනවා.. සතුරෙකුටවත් මෙහෙම දෙයක් නම් වෙන්න එපා!!

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත සහෝ....ස්තූතියි සහෝ...

      Delete
  5. මීට සමාන සිද්ධියක් වුණා මතකැති.

    මතක විදිහට කොල්ලුපිටිය හෝ වැල්ලවත්ත රේල් පාරේ ගිය කෙල්ලයි කොල්ලයි, කෝච්චියේ හැප්පලා. කෙල්ල මැරිලා. පස්සෙ කෙල්ලව අරන් ගිය මල්ශාලාවෙ ඩ්‍රැයිවර් ඒකිගේ තාත්තා.

    හැබෑ ලෝකෙ මේවා සිද්ධ වෙනවා කියන්න මතක් කලේ.

    ජය !

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත සහෝ....ස්තූතියි සහෝ...

      Delete
  6. හරිම සංවේදී ලස්සන නිර්මාණයක්.
    රුවන් බන්දුජීවගේ බස් අනතුර ගැන ලියූ කිවිය මතක් වුණා
    ජයවේවා.!

    ReplyDelete
  7. එකම නිමිත්තක්.. සුපිරි කවි දෙකක්..
    ජයවේවා..!!

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...