මේ මම @ Facebook

මිනී කපන නිමලදාස...

නිමිත්ත:-
නිමලදාසගේ 56 හැවිරිදි බිරිඳගේ මරණ පරීක්ශනයට සුපුරුදු පරිදි නිමලදාස දොස්තර හා මෝචරියට ඇතුලු විය.

එකදහස් නවසිය හැට එකේ ඉපදුන
වයස අවුරුදු හැටක් ගතවුන
ඉස්පිරිතාලේ මිනී කපන නිමලදාස
වෙදදුරු සමඟ විත් මිනී කාමරයට
බලා මියගිය සිය පිය'ඹ දෙස....

''අනේ නිමලේ ඇයිද අද මේ
පිහියකුත් අත තියන් ආවේ
හතලිහක් වස් නුඹ සමඟ ආ
මන් කපන්නද ආවෙ නිමලේ...

මන් කාර බැඳ ආව දවසේ
සේද සළු නුඹ ලිහූ සයනේ
අදත් මා සළු ලිහන මොහොතේ
මතක් වෙනවද මගේ නිමලේ....

දූ පුතුන් දුරු රටක නිමලේ
උන් හොඳින් ඇති නේද නිමලේ
එක් වරක් උන් රුව දකින්නට
මගේ ඇස් ඇරෙනවද නිමලේ.....

ලෙඩ ඇඳට මා සිරවු මොහොතේ
දරුවනුත් ළඟ නෑනෙ නිමලේ
ඇඳ ලඟට වී ඔලුව අතගා
නිඹයි හිත සැනසුවේ නිමලේ....

සුවහසක් ළය පැලූ දෑතින්
කඳුළු පිරවූ මහලු දෙනෙතින් 
මා ළයත් නුඹ පලා සැතකින්
ආදරේ සෙව්වාද නිමලේ...
ආදරේ දුටුවාද නිමලේ....

කව්ද නිමලෙට කන්න දෙන්නේ
නිමලෙ ළඟ තනි නොතනියට ඉන්නේ
මාත් එක්කම යන්න එන්නට
නුඹට ඇහැකිද මගේ නිමලේ...''

                                                                                                                               ----හිතුවක්කාරයා----

Related Posts:

  • නෙලුම් මලක් නටුවට කී කතාවක්..... මෙ කවිය චමින්ද ප්‍රදීප් සිල්වා සහොදරයාගේ "නටු නොකී කවි" කවියට ලියපු පිලිතුරු කවියකි... වැව් තලෙන් හිස දමා එලියට හිරුට හිනහුනු එ අතීතෙක මඩේ හිද මා දියෙන් උස්සන්  නුබයි මා දැඩි කලේ මොහොතක... හිරුත් අහසට … Read More
  • මිනී කපන නිමලදාස... නිමිත්ත:- නිමලදාසගේ 56 හැවිරිදි බිරිඳගේ මරණ පරීක්ශනයට සුපුරුදු පරිදි නිමලදාස දොස්තර හා මෝචරියට ඇතුලු විය. එකදහස් නවසිය හැට එකේ ඉපදුන වයස අවුරුදු හැටක් ගතවුන ඉස්පිරිතාලේ මිනී කපන නිමලදාස වෙදදුරු සමඟ විත් මිනී කාමරයට බ… Read More
  • සරසවි බිම ඉදිරිපස ඇති අට්ටාලය දෙසට මුහුන ලා ඇති ගසට..... අතු පතර විහිදාන ඇසිපිය පවා නොසලාන කෙදින හො ජය ටැඹක් දකිමැයි අට්ටාලෙ  දෙස බලන වගනම්.... මසකට වරක් නොවරදව දෙනෙත් කදුලින් බරව සෙවන දේ හිස පසෙක හරවන් අවි අමෝරන කුලී රැලකට... ඉද හිටක බැටන් පොලු තව විටක කඳු… Read More
  • නුඹට.... පුරන් වූ කෙත් බිම  නිලට අස්වද්දන්නට...... අඳුරු වූ නුබ ගැබ සඳ කැනින් නහවන්නට...... රුදුරු සහරා කතරට අසනි වැසි වස්සන්නට....... ඉරි තැලුනු මහද ගැබ ආදරෙන් සනහන්නට....... නුඹ පැමිනි වගනම් සොඳුරියෙ නුඹ … Read More
  • පෙති තැලුනු මල් කැකුල.... නිමිත්ත:- පියෙකු හා ඔහුගේ මිතුරන් පිරිසක් මත්පැන් පානය කර, සිය දියනිය දූශනය  කරයි.. සඳ මඩල සැගව ගිය අදුර පිරි මහ රැයක බබර රැනක් හෙමින් ළන් උනා මදුවිතේ මදු සුවඳ පැතිරුනා විදුලි මිනි නිවී ගොස් අඳුර රජයන පැයට… Read More

13 Comments:

  1. ජීවිතේ එපා වෙනවා.මේක දැක්කම......හරිම ලස්සන සිතුවිල්ලක්

    ReplyDelete
  2. මේවට කියන්නේ කුනුහරුප කියලායි. ප්‍රදීප් ලියපු එකක් මේක.. මේ දින වල ජනප්‍රියම කවිය. කැතයි හොදේ

    ReplyDelete
  3. Sahodaraya... Hodata kiyawala balanna... Pradeep liyapu kawiyai me kawiyai dekama ekakda kiyala... Kawiyata nimiththa eka unata kawiya ekama newei...hodata kiyawala balanma kawi 2ke wenass

    ReplyDelete
    Replies
    1. සොරි වෙන්යෝනේ.. කවිය කියෙව්වේ නැහැ. හෙඩිමයි අප්සැට් උනේ. කමක් නැහැ.. ඒ ඇසුරින් තවත් කවි බිහි උනාම තවත් ශක්තිමත් වේවි..

      Delete
  4. පිස්සු හැදිල ආයෙත් හැදෙනවා.. සතුරෙකුටවත් මෙහෙම දෙයක් නම් වෙන්න එපා!!

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත සහෝ....ස්තූතියි සහෝ...

      Delete
  5. මීට සමාන සිද්ධියක් වුණා මතකැති.

    මතක විදිහට කොල්ලුපිටිය හෝ වැල්ලවත්ත රේල් පාරේ ගිය කෙල්ලයි කොල්ලයි, කෝච්චියේ හැප්පලා. කෙල්ල මැරිලා. පස්සෙ කෙල්ලව අරන් ගිය මල්ශාලාවෙ ඩ්‍රැයිවර් ඒකිගේ තාත්තා.

    හැබෑ ලෝකෙ මේවා සිද්ධ වෙනවා කියන්න මතක් කලේ.

    ජය !

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත සහෝ....ස්තූතියි සහෝ...

      Delete
  6. හරිම සංවේදී ලස්සන නිර්මාණයක්.
    රුවන් බන්දුජීවගේ බස් අනතුර ගැන ලියූ කිවිය මතක් වුණා
    ජයවේවා.!

    ReplyDelete
  7. එකම නිමිත්තක්.. සුපිරි කවි දෙකක්..
    ජයවේවා..!!

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...