මේ මම @ Facebook

මා සොයපු ජීවිතේ.....

මල් හීන පෙති හැලුන පරව ගිය ජීවිතේ
නුබට බර දෙන්න බැරි කමයි කවිකම උනේ
අත් බැදන් දුර යන්න බැරි නිසා මතු දිනේ
නුබෙ සුවද සගවගමි තනි කමට මගෙ හිතේ

නුබ ‍රැදෙන හැම තැනම පන්සලක සුව දැනේ
ඒත් ඉඩ නෑ නොවෙද පර මලට පුදසුනේ
යලි ඒවි යැයි කියා බලා ඉමි මතු දිනේ
නුබට වෙන් වෙච්ච තැන හිස් වෙලා දැන් හිතේ

නොතේරුම් කමට මා වැරදිලා ගිය මගේ
නුබ සිටිය අතරමග අපූරුව හරි අගේ
තුරුනු ඇස් වලින් මේ ජීවිතය දු‍ටු දිනේ
හිත පිපුනි කදුලු පිරි නෙත් විලක අද දිනේ

දරාගනු දුකක් හන්ගගෙන මගෙ හිතේ
මටත් පුදුමයි දොර‍ටු විවර උනු එක එක ඉබේ
පහන් කල බිදුනු සිත අදුරු කර පෙර වගේ
                            වීසි කර දමා නුබ ගියපු හැටි හරි අගේ

මලක් වී පිපෙන්නට පෙර පරව ගිය හිතේ
සුවද විතරක් අනේ දැන් ඉතිරි වී තියේ
මගේ සිත සනසන්න නැතිද පැතුමක් නුබේ
නුබයි මම ඇස් රිදෙන තුරු සොයපු ජීවිතේ 

Related Posts:

  • හැරගිය නුබට..... රැ අහස සරසවන සුපුන් සද නුබ ගන්න සදවතට තනි රකින තරු කැකුලු මට දෙන්න..... මද නලට ගසා යන මල් සුවද මට දෙන්න සොදුරු යැයි ලොව දකින මල් පොකුර නුබ ගන්න.... කෙල පිඩක් මෙන් එදා මහ මගට දමා ගිය … Read More
  • අළුත් පෙම්වතියට.... පෑ දිය තලයක් වන් අහස් ගැබ වසා පැමිනි කලු වලා කෝඩ පිනි බිදෙන් පිනි බිද බිමට හෙලා මහ වරුසාවක්ව වට අපූරුව...... දසත සිසාරා පැතිරුන එලිය වසමින් පැමිනි කලුවර අහස් ගැබ තුල හිද සිනාසී සද දියෙන් සනහාලන අපූරුව...... සො… Read More
  • දෙබිඩි...... සඳට පෙම් බඳිමි  සඳ දෙසම බලමි නේක කව් පද        සඳ වෙතට ලියමි...... අමාවක පැමිනුනි සඳමඩල සැඟවුනි සඳට පෙම් බැඳි       මා අඳුරෙ තනිවුනි...... නොදැනීම මා සිත    පෙම… Read More
  • මා සොයපු ජීවිතේ..... මල් හීන පෙති හැලුන පරව ගිය ජීවිතේ නුබට බර දෙන්න බැරි කමයි කවිකම උනේ අත් බැදන් දුර යන්න බැරි නිසා මතු දිනේ නුබෙ සුවද සගවගමි තනි කමට මගෙ හිතේ නුබ ‍රැදෙන හැම තැනම පන්සලක සුව දැනේ ඒත් ඉඩ නෑ නොවෙද පර මලට පුදසුනේ යලි ඒවි ය… Read More
  • කම්හලේදී දුටු යුවතියට......... චන්ඩ හිරු රැස් අතර දුකිනේ කම්හලට පා නගන අතරේ මිතුරු කැල වට කරන් සොඳුරේ නුඹත් ඇවිදින් සිටිය අරුමේ........ මුවපුරා නැගි සොඳුරු හසරැල                         &n… Read More

6 Comments:

  1. ලස්සනයි.. එත් හරි අපුරුයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතීයි මොනරි....

      Delete
  2. හ්ම්ම්, අපි පතන දේවල් හැමදාම අපිට ලැබෙන්නේ නෑනේ :( කවි ටික ලස්සණ යි. මීට පස්සේ කවි ලියනකොට මේ ප්‍රෝග්‍රෑම් එක පාවිච්චි කරන්න.
    http://siwpada.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත ධාරා.....

      Delete
  3. හරිම අපුරැ කවි පංතියක් මල්ලී. කවි ටික කෙලින් කරානම් තවත් ලස්සනයි.පිංතූරෙකුත් එකතු කරාම
    වටිනාකම වැඩිවෙයි. කවි කෙලින් කරන්න යාළුවෝ මට දුන්න මෙවලම පහත තියෙනවා. ඒකේ උදව්වෙන් කෙළින් කරගන්න.
    http://siwpada.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතීයි චන්දන......

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...