මේ මම @ Facebook

පාට හතට.....



රුදුරු මුරුසන් වැස්ස නිමවා
පායනා දේදුන්න සුන්දර
සිනාසෙන්නේ කිමද මෙතරම්
දුරට වී හිඳ පාට තවරන්....

නුබේ ආඩම්බර සිනාවෙන්
කියන්නේ යලි අසුරු සැනකින්
මුරුගසන් වැසි වැටෙන බවනම්
කෙලෙස අප පෙම් කරන් සිතකින්.....

ඔලොකුවට සිනාසෙන
ආඩම්බර පාට හතට.....

                                          -----හිතුවක්කාරයා----

16 Comments:

  1. සමහරක් වේලාවට දේදුන්න එන්නේ නෑ. වැස්ස විතරක් වැහලා යනවා. අපි ඉතිං ඉන්නවා බලාගෙන දේදුන්න පායනකල්

    ReplyDelete
  2. දෙදෙනුත් හරියට කෙල්ලෝ වගේ තමයි.. මේ ඇතිවෙනවා.. මේ නැති වෙනවා.....

    ReplyDelete
    Replies
    1. හොදට අත්දැකීම් තියනව වගේ.....

      Delete
  3. වැඩේ තේරුණේ අවසානයටම ය.

    එල ය.

    ReplyDelete
    Replies
    1. අවසානයට හෝ තේරුනානම් මරුය.....

      Delete
  4. අපේ ජීවිතෙත් මේ වගේ, හිනහවට පිටිපස්සෙ හැංගිලා තියෙන්නෙ කඳුළු

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අනූ.... ජිවිතේ හැම සුන්දර දෙයක්ම පෛටිපස්සෙ කදුලු ගන්ගාවක් තියෙනව......

      Delete
  5. පාට හතට නොදෙවෙනි පද රටාවක්

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි නලින් අයියේ... මේ පැත්තට පය ගහපු එක ලොකු හයියක්......

      Delete
  6. ලස්සන කවි පොඩ්ඩ...

    ReplyDelete
  7. අපුරු කවියක්. දේදුන්නේ පාට සහ එකේ අනුපිලිවෙල අරගෙන තමයි ජාත්‍යන්තරව පිළිගත් සමුපකාර කොඩිය හැදිලා තියෙන්නෙ.එකේ එක් එක් පාට සඳහා නිර්වචනයවූ නිශ්චිත අර්ථකතන මෙන්ම පාට 6ම එකතු උනාම හැදෙන ධවල වර්ණය ගැනත් නිර්වචන තියෙනවා. අවාසනාවට අපේ රටේ සමුපකාර ව්‍යාපාරය තුල එම නිවචන ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ නැහැ.

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...