මේ මම @ Facebook

විලාපය.....

කෑලි කපන කලුවර පිරි අමාවකේ
බස්සෙකු හඩන හඩ ඇසුනයි නිරන්තරේ
මූසල බවින් පිරි ගගබඩ වනන්තරේ
දෙවනත් කරන හඩකිනි මා තිගැස්සුනේ

නොසිතූ ලෙසක බියකින් මා හද සැලුනා
සවනත වැකුන හඩ දෙසවන ‍රැව් නැගුනා
නෙත් දෙක පියෙන විට යලි හද තිගැසුනා
නින්දත් නොනින්දත් අතරින් ‍රැය ගෙවුනා

ලා හිරු කිරන විහිදා හිරු නැග තිබුනේ
ඇතිවූ බියෙන් එනමුදු නැත සිත මිදුනේ
විපරම් කලෙමි කොහි සිටදෝ හඩ ඇසුනේ
ගග'බඩ දෙසට මිනිසුන් දිව යනු පෙනුනේ

ඇගලා ගතිමි අසුවුන රෙදි කැබැල්ලකින්
හනිකට දිව ගියෙමි හිස් දෙපා මතින්
‍රැස් කන දනන් මැද රින්ගා බැලූ සැනින්
දු‍ටු දසුනින්ම හදවත යලි වැ‍ටුනි කඩන්

සුන්දර තරුනියකි ඇය දු‍ටු දන මන බදින
සැමගේ අදර සැලකිලි මැද දිවි ගෙවන
හමුවන සැමට තෙපලයි සුන්දර වදන
ඇගෙ පෙම පතා පැමිනෙයි බබරුන් තරුණ

ඇය දැන් සිටි මිහිකත මත මුහුන හොවා
කඳ එක ඇනක හිස ඇත තව තැනක තබා
රත් පැහැ රුහිරු දහරා යයි තවම ගලා
රෙදි පිලි ඇගේ වත මත වත් නොමැත තබා

පෙර දින ඇයව වත්තන් කර පැමිනි සැනින්
කෙලෙසා ඇගේ මුලු දිවියම අඳුරු කරන්
පණ නළ සිඳුන ඈ ගග'බඩ ඇතත් නිතින්
එනමුදු ගඟ ගලයි කිසිවක් නොවුනු ලෙසින්

                                                  -----හිතුවක්කාරයා----

9 Comments:

  1. ඇත්තටම අත්දැකපු සිදුවීමක් ද? හරිම සංවේදී සිද්දියක්

    ReplyDelete
    Replies
    1. අහම්බෙන් වගේ කියවන්න ලැබුන පත්තර පි‍ටුවක තිබුන සිදුවීමක්.... එක කියවල හිතට නැගුනු පීඩනය පිට උනේ කවි පද කිපයකින් සහෝ....

      Delete
  2. ඇයි බන් දුක හිතෙන කවිම දාන්නේ....???අර කවි වල එළිවැට ලස්සනට ඈත් කරලා ලියන්න පුලුවන් සොෆ්ට් එකක් එක බොගේක තිබුනා.අන්න ඒක පාව්ච්චි කරපන්.
    මරු හොදේ.//කඳ එක ඇනක හිස ඇත// මෙන්න මෙතන පොඩි එඩිට් පාරක් දාන්න.//තැනක//

    ReplyDelete
    Replies
    1. අහන දකින සිදුවීම් නිසා හිතට නැගෙන පීඩනය පිට වෙන්නෙ කවි පද වලින්.... ස්තූතියි සහෝ......

      Delete
    2. siwpada.blogspot.com යන්න.

      Delete
  3. අම්මපා ඇත්තටම වෙච්ච දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. පත්තරේක කියවපු කතාවක් සහෝ....

      Delete
  4. සචිත් ගෙ පද බඳුම කියවනකොට මට එකපාරටම මතක් උනේ අපිට a/l වලට තිබුණු මේ වගේම පද බැඳුමක්, වැලහින්නකගේ ප්‍රේමය, මට මතක විදිහට මහගම සේකර මහත්මයා ගෙ.
    ලස්සනයි. මුලදි කියවද්දි හිතට එන අදහස අන්තිම වෙත්දි වෙනස්වෙනවා. මම හිතුවෙ සොබාදහම් වැනුමක් කියලා මුලින්ම

    ReplyDelete
    Replies
    1. මේ සිදුවීම මම පත්තරේක කියවල හිතට වද දීපු සිදුවීමන් අනූ.......

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...