මේ මම @ Facebook

  • This is Slide 1 Title

    This is slide 1 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 2 Title

    This is slide 2 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 3 Title

    This is slide 3 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

ලියමනක්


රහට බත් නැති මාලු පිනි නැති
කැන්ටිමක් අපි ලගම තිබුනා
මිරිස් තුනපහ නොදුටු හොද්දක
කදුලු බිදු ලුනු රහට හැපුනා

තට්ටු පහ හය උසට හොස්ටල් 
ගජේ දාගෙන ඉන්න ලැබුනා
අනේ අම්මේ නින්ද එනකොට
කඩුපුලක මල් සුවද දැනුනා

මලක් දෑතින් ගත් කුමාරෙක්
ඊයේ හවසත් ඇවිත් උන්නා
නුහුරු හැගුමක් හිතට දැනුනත්
හීනෙනුත් බයවෙලා ඇඩුනා

උදේ ලෙක්චස් හවස ලෙක්චස්
පහුවදා ප්‍රැක්ටිකල් තිබුනා
දවස් දෙකකින් ගෙනත් දෙන්නට
ටියුට් මිටියක් අතේ රැදුනා

සෙමෙස්තරයක් ගෙවී අවසන
විබාගේකට වරම් ලැබුනා
නිදිමරාගෙන දාපු ගිරවගෙ
වදන් පේපරෙ උඩට වැටුනා

අනේ අම්මේ හිටියා දැන් ඇති
හීනෙනුත් අම්මාව  පෙනුනා
එක්ක යන්නට එන්නේ කවදද
චූටි දූ ඉකි ගසා හැඩුවා

@ඉරුනු පිටෙක ලියූ කවක්
ප්‍රදීප් ලක්ශිත | 2016.10.06

සිතින් පත්තිනි නොහොත්

කන්නකී වී කෝවලන් ලග
තුරුලු වන්නට සිතා ඉන්නැති..
පතිනි දම් සුදු සාලු අස්සේ
සගවා ඉන්නට වෙර දරන්නැති..


ලොවට රහසින් අදුරු කුටියක
කෝවලන් ලග සලු ලිහන්නැති
රන් රිදී මුතු ගෑවිලා නැති
පා සලබ අමතකව එන්නැති..

පා සලබ සේ නුබව දවසක
කෝවලන් මග දමා යන්නැති
පතිනිවත අමතකව දහසක්
කෝවලන්ලා නුබ සොයන්නැති...

පියයුරක් පොලොවේ ගසන්නට 
හයිය හත්තිය නුඹට නැතුවැති
ලොවට නොපෙනෙන දුක් අදෝනා
නෙතේ කදුලක සිරවෙලා ඇති....

|ප්‍රදීප් ලක්ශිත | 2016.06.18

ඉසුරුමුණියේ පෙම්වතාට


දහක් සෙනග ගැවසෙන තැන
දහක් නුඹ බලන්නට එන
පිය'ඹ ලැම වසාලන්නට
අමතක වීදෝ....

පුරා දුරාතීතෙක හිද
පිය'ඹ වතට තුරුලු කරන්
අව් වැස්සට ඉහලන්නට
සෙවනක් නැතිවීදෝ....

සියක් වස් ගෙවී ගිය තැන
මුව'ග සිනා පොදි බැදගෙන
එදා වගෙම අදත් පෙමින්
කෙලෙස හිදිම් දෝ.....

               | ප්‍රදීප් ලක්ශිත| 2016.05.11

කිදුරු කව

කුඩා වැල්ලේ තබා පා යුග
දෑත කරගැට දෙස බලා
සුදු පුතා පිට කිදුරු කුමරුන්
දියඹ වෙත පියමන් කලා...  

දියඹ පීරා ගෙනා අස්වනු 
වැලි තලාවක අතුරලා
කිදුරි මොහොතක් කිදුරා යන මග
බලා දෑතම එක් කලා....

වැල්ල හාරන් සිප්පි අහුලන
පුතු දෙසට නෙත් යුග යොමා
හදේ ගැඹුරුම තැනක සිර වූ
සුසුම් සුළඟට මුහු කලා...

ගහපියව් බොල ගහපියව්



ගහපියව් බොල ගහපියව්
ඔලු පැලෙන්නට ගහපියව්
රුහිරු බිඳු දැක සිත් නිවේනම්
තවත් හය්යෙන් ගහපියව්....

විදු මව්න් නොමරා මරන විට 
නෙත් කඳුලු පිරෙනව බොලව්
අමුතුවෙන් කඳුලැල් අවැසිනම්
කඳුලු ගෑසුත් ගහපියව්....

රුහිරු මදිනම් කඳුලු මදිනම්
උවමනා මොනවද කියව්
අපේ ජීවිත අවැසිනම් තව
පපුවටම උන්ඩය තියව්....

දහස් ගනනින් ඔලු පැලූවත්
එක එකා තොපි මරා දැමුවත්
සිප් සතර දෙන මව් රකින්නට 
හෙටත් අපි එනවා බොලව්....

                                                  -----හිතුවක්කාරයා----