Skip to main content

ගුරුවරයෙකු පාසලේදි සිසුවියක් දූෂණය කරයි ---පුවතක්-----

අයනු ආයනු ඉයනු ඊයනු
හෝඩි පොත පිටු ඉරා වැලපුණු
සල් ගසේ මල් පොකුරු පරවී
කදුළු බිදු දස අතේ විසිරුනු


හේන නවදැළි කිරට පීදුනු
අමර තනියට පැලට ගොඩඋනු
අසනි වැසි බිම වැටුනු දවසක
සාමා සල් මල් අතර තනිවුනු

රෙද්ද බැනියම සුදට දිලිහුනු
ගිජුලිහිනි ඇස් රතට බැබලුනු
උකුසු තුඩගින් හලා හල විශ
ගවුමෙ රැල් එකිනෙකින් පොඩිවුනු

අයනු ආයනු ඉයනු ඊයනු
හෝඩි පොත පිටු ඉරා වැලපුණු
සල් ගසේ මල් පොකුරු පරවී
කදුළු බිදු දස අතේ විසිරුනු

Comments

  1. සිදුනොවියයුතු දෙයක් ගැන වුවත් සංවේදී කවි පෙළක්

    ReplyDelete

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...

Popular posts from this blog

සඳ ඇති අමාවක...

අහසේ සඳ පායලා.. ලොකුම ලොකු හඳක්.. කවියෙකුට නම් සුපුන් සඳක්.. ඒ සඳ එලිය ඇතුලේ කවියො කව් පද අමුනනව ඇති. පෙම්වතුන් පෙම් වදන් දොඩනව ඇති. තව තව අය තව තව සුන්දර දේවල් කරනව ඇති.
                           ඒත්... කාත් කවුරුවත් නැති මේ නිහඩ රාත්‍රිය, එහෙමත් නැත්නම් සඳ එලිය වැ‍ටුන පාලු මූසල රාත්‍රිය ඇතුලෙ මම තවමත් එක දෙයක් හොයනව.එදා වගේම අදත්.... අද වගේම හෙටත් ඒ වගේම සොයාවි... ඒ වෙන කිසි දෙයක් නෙවෙයි. මමවත් නොදන්න දවසක, මේ වගේම පාලු මූසල රාත්‍රියක මාව දාලා ගියපු සැනසීම... මගේම කියල මට තිබුනු සැනසීම.. 
                                                  මූසලකම, පාලුව රජ කරන මේ රාත්‍රියේ හඳට කරන්න පුලුවන් දෙයක් නෑ... හඳ කියන්නෙත් මේ ලෝකෙ ඉන්න තවත් එක පරපෝශිතයෙක් විතරයි. 
                                                                        හිතේ තියෙන අමුතුම හැගීමක් මේ පාලුව ඇතුලේ දෝන්කාර දෙනවා. හැමදාමත් රාත්‍රිය පුරා හොයන සැනසීම කවදාකවත් මම දැක්කෙ නෑ. අමාවක දවසට හඳ නැති ‍රැට තියෙන පාලුව, මූසලකම, තනිකම හඳ පායන පෝය දවසටත් එහෙමමයි... වෙලාවකට හිතෙනව ඇයි මේ මම හඳ එලිය ඇතුලෙ සැනසීම හොයන්නෙ කියලත්.... අද ප…

ගහපියව් බොල ගහපියව්

ගහපියව් බොල ගහපියව් ඔලු පැලෙන්නට ගහපියව් රුහිරු බිඳු දැක සිත් නිවේනම් තවත් හය්යෙන් ගහපියව්....
විදු මව්න් නොමරා මරන විට  නෙත් කඳුලු පිරෙනව බොලව් අමුතුවෙන් කඳුලැල් අවැසිනම් කඳුලු ගෑසුත් ගහපියව්....
රුහිරු මදිනම් කඳුලු මදිනම් උවමනා මොනවද කියව් අපේ ජීවිත අවැසිනම් තව පපුවටම උන්ඩය තියව්....
දහස් ගනනින් ඔලු පැලූවත් එක එකා තොපි මරා දැමුවත් සිප් සතර දෙන මව් රකින්නට  හෙටත් අපි එනවා බොලව්....
                                                  -----හිතුවක්කාරයා----

සරසවි බිම ඉදිරිපස ඇති අට්ටාලය දෙසට මුහුන ලා ඇති ගසට.....

අතු පතර විහිදාන ඇසිපිය පවා නොසලාන කෙදින හො ජය ටැඹක් දකිමැයි අට්ටාලෙ  දෙස බලන වගනම්....
මසකට වරක් නොවරදව දෙනෙත් කදුලින් බරව සෙවන දේ හිස පසෙක හරවන් අවි අමෝරන කුලී රැලකට...
ඉද හිටක බැටන් පොලු තව විටක කඳුළු බිඳු ඉවසාන නෙත් බරව සිටී නුඹ දිනන තුරු සිරකල අකුරු.....
                                                                                                       ----හිතුවක්කාරයා----