කාකි ඇදුමන් ඇගෙහි ලාගත්
මාර සේනා නිතර යන එන
රක්ත වර්නෙන් උස්ව මොරදී
නුවර වැසියන් නිතර රැස්වෙන
අව්ව වැස්සට තෙමී දින සති
අට්ටාල වල රැය පහන් වන
රජුන් මැතිදුන් වසා නෙත් යුග
හනික පිම්මේ ඉගිල්ලී යන
වීදි පහනක එලිය මගහැර
අමාවක තැන් සොයා ඇවිදින
සරාගික නෙත් දහක් හොරැහින්
කස්ටමස්ලා සොයන් පැමිනෙන
කෙසග සිරුරක ඉරුනු වැරහැලි
දවටාන නාවර පෙරාගෙන
හැට්ට කටු ටොෆි ලොසින්ජර පොත්
ගන්න ලාබයි කියා විකුණන
හීන කන්දක් හදෙහි සගවන්
තුට්ටුවක පඩිපතක් හිස ගෙන
දිනපතා දුම්රියෙන් ඇවිදින්
පනින්නට රතු ඉරෙන් දුවයන
මෙ'ලක සිරි විසිතුරු බලන්නට
මැණිකෙ උඩරට සොයා ලතැවෙන
අහල පහලක ඉගිල යන්නට
හඩින් ගුගුලන බොහෝ බස් යන
මෙපුර ඇවිදින යනෙන සකියනි
අසිරිමත් පුර වැයුම් නොගැයෙන
ස්වේත වර්නෙන් උස්ව හිනහී
සුවහසක් දන එතෙර කරවන
කොටුව දුම්රියපළ ඉදිරිපිට
By akikaru at November 05, 2016
2 comments
Related Posts:
මා සොයපු ජීවිතේ..... මල් හීන පෙති හැලුන පරව ගිය ජීවිතේ නුබට බර දෙන්න බැරි කමයි කවිකම උනේ අත් බැදන් දුර යන්න බැරි නිසා මතු දිනේ නුබෙ සුවද සගවගමි තනි කමට මගෙ හිතේ නුබ රැදෙන හැම තැනම පන්සලක සුව දැනේ ඒත් ඉඩ නෑ නොවෙද පර මලට පුදසුනේ යලි ඒවි ය… Read More
වැස්ස..... ඉල්ලූ පමනින් හතර අත යදිමින් දුන්නේ කිම මෙසේ ඉවක් බවක් නොමැතිව දරා ගනු බැරි පමණ...... &n… Read More
රත්න ශ්රි විජේසින්හ කිවිදානන්ට..... ''වන්කගිරි අරණේ'' සැරීමට ''බිය නොවන් අයියණ්ඩී'' යැයි කියමින් ''සල්ගහ යට'' සිට අත වැනූ කිවිඳාන.... ''වස්සනේ අබර''ට පෑයූ ''ගුරු තරුව''ක්ව නුබ ''සුබ උදෑසන''ද අබරෙන් බැස නොගිය කිවිඳාන.... ''සන්ද්්ය තීර්ත… Read More
පරපෝෂිතයා.... අදුරු නුබ ගැබ සිසාරා තරු කැකුලු වට කරන් ආඩම්බර මදහස පෑමුත් නුබ.... තවම නොදන්නේ මන්ද නුබත් පරපෝෂිතයෙකු වග හිරු රැසේ පිහිටෙන් එලිය විහිදුවන...... … Read More
විලාපය..... කෑලි කපන කලුවර පිරි අමාවකේ බස්සෙකු හඩන හඩ ඇසුනයි නිරන්තරේ මූසල බවින් පිරි ගගබඩ වනන්තරේ දෙවනත් කරන හඩකිනි මා තිගැස්සුනේ නොසිතූ ලෙසක බියකින් මා හද සැලුනා සවනත වැකුන හඩ දෙසවන රැව් නැගුනා නෙත් දෙක පියෙන විට යලි හද තිගැස… Read More
සුපිරි ලියැවිල්ලක්
ReplyDeleteමුළු ලෝකෙම එකම තැනක...
ReplyDelete