මේ මම @ Facebook

ගහපියව් බොල ගහපියව්



ගහපියව් බොල ගහපියව්
ඔලු පැලෙන්නට ගහපියව්
රුහිරු බිඳු දැක සිත් නිවේනම්
තවත් හය්යෙන් ගහපියව්....

විදු මව්න් නොමරා මරන විට 
නෙත් කඳුලු පිරෙනව බොලව්
අමුතුවෙන් කඳුලැල් අවැසිනම්
කඳුලු ගෑසුත් ගහපියව්....

රුහිරු මදිනම් කඳුලු මදිනම්
උවමනා මොනවද කියව්
අපේ ජීවිත අවැසිනම් තව
පපුවටම උන්ඩය තියව්....

දහස් ගනනින් ඔලු පැලූවත්
එක එකා තොපි මරා දැමුවත්
සිප් සතර දෙන මව් රකින්නට 
හෙටත් අපි එනවා බොලව්....

                                                  -----හිතුවක්කාරයා----

Related Posts:

  • ?????????හයේ කනිසමට හෝරා පුවරුව         සැදුනා තෙවැනි සීනුවේ හඩ රග මඩලට       ඇසුනා තිරය ඇරී රස හද අදුරට                    වැදුනා කම් සැප සොයා පෙම්ව… Read More
  • අළුත් පෙම්වතියට.... පෑ දිය තලයක් වන් අහස් ගැබ වසා පැමිනි කලු වලා කෝඩ පිනි බිදෙන් පිනි බිද බිමට හෙලා මහ වරුසාවක්ව වට අපූරුව...... දසත සිසාරා පැතිරුන එලිය වසමින් පැමිනි කලුවර අහස් ගැබ තුල හිද සිනාසී සද දියෙන් සනහාලන අපූරුව...... සො… Read More
  • සිතිවිලි ගොන්න ගැලුවත් බැමි පවුරු බිඳපන්හිඳ පොර බඳී දෑඟිලි අතර හිඳලියු කව් වලට වාරණ එන දිනකි අදකෙලෙසක ලියමි මා සිතිවිලි කවක බැඳ..........… Read More
  • ප්‍රේමයේ සිහිවටන.... වැඩපලට යනෙන'තර පසුපසින් විත් නිතර සදක් වාගෙයි මුහුණ කියු නුඹ අද කොහිද.....? ODEL, NOLIMIT වල  කැටුව ගොස් මා නිතර දෝත පුරා තැගි දුන් සොදුර නුඹ අද කොහිද.....? මගේ පණ දෙවනි කොට ආදරය කල පවට දස මසක් ඇවැමෙන් නු… Read More
  • දුෂ්කර ක්‍රියා..... මේසයේ වට තබන් බෝ උස පොත් කදු රැය පුරා නිදි වරා වන පොත් කරනා'යුරු.... නිදි දෙවිදු හිනැහුනත් නොබලමින් එදෙස නිති දෙපා වතුරෙන් තෙත් කරන් සරසවිය සිහිනෙන් දකිනා'යුරු.... ඈත කොලනියට වී පුතු රජෙකු කරන්නට කට්ට අව්වේ කර … Read More

9 Comments:

  1. අපේ ආචාරය !

    ReplyDelete
  2. අපි යන්නේ කොයි පාරේ බාලේ නිශ්මි ගිය පාරේ....

    නේද යාළුවේ

    ReplyDelete
  3. අපොයි අම්මේ මුලදී හොඳට නෑවා එත් මදි ....පස්සේ කෑවා ....කවදත් වෙන එක වුනා ....බම්බා වලින් රැට කාලා අද යන්තම් අලුත් කඩේ වැඳලා ...යහපාලනයට පින් අනුමොදන්කරලා අපි හොරිවිල ගියා..උනුත් එකයි මුනුත් එකයි පෝලිමට XXකයි.

    ReplyDelete
  4. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

    ReplyDelete
  5. http://sinhala.lankanewsweb.net/featured/cyber-wall/item/1350-2015-10-30-17-03-11

    ReplyDelete
  6. හපොයි..ලේ කුපිත වෙනවා...මෙව්ව විසඳන වෙන ක්‍රමයක් අපිට කවදාවත්ම හොයා ගන්න බැරි වේවිද?

    ReplyDelete
  7. ගහපිය බොලව් ගහපිය..

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...