මේ මම @ Facebook

ගහපියව් බොල ගහපියව්



ගහපියව් බොල ගහපියව්
ඔලු පැලෙන්නට ගහපියව්
රුහිරු බිඳු දැක සිත් නිවේනම්
තවත් හය්යෙන් ගහපියව්....

විදු මව්න් නොමරා මරන විට 
නෙත් කඳුලු පිරෙනව බොලව්
අමුතුවෙන් කඳුලැල් අවැසිනම්
කඳුලු ගෑසුත් ගහපියව්....

රුහිරු මදිනම් කඳුලු මදිනම්
උවමනා මොනවද කියව්
අපේ ජීවිත අවැසිනම් තව
පපුවටම උන්ඩය තියව්....

දහස් ගනනින් ඔලු පැලූවත්
එක එකා තොපි මරා දැමුවත්
සිප් සතර දෙන මව් රකින්නට 
හෙටත් අපි එනවා බොලව්....

                                                  -----හිතුවක්කාරයා----

Related Posts:

  • නන්දා වියරු වෙස් ගෙන වැදී ගල්පරබිදී විසිරී ගියෙද මන්දාවාරකන් මැද හැමූ සුළඟට ආදරේ සැගවුනිද නන්දාහීන පොදි එකිනෙක ගොතාගෙනඊයේ හවසත් ගියේ නන්දානුබේ හිරිමල් දෑස් අස්සේකදුලු බිදු රන් වැටක බන්දාහීන ඉකිලන පාලු දියබ'ගහීනයක හැමදේම කැන්දා… Read More
  • සිතින් පත්තිනි නොහොත් කන්නකී වී කෝවලන් ලග තුරුලු වන්නට සිතා ඉන්නැති.. පතිනි දම් සුදු සාලු අස්සේ සගවා ඉන්නට වෙර දරන්නැති.. ලොවට රහසින් අදුරු කුටියක කෝවලන් ලග සලු ලිහන්නැති රන් රිදී මුතු ගෑවිලා නැති පා සලබ අමතකව එන්නැති.. පා සලබ සේ න… Read More
  • කිදුරු කවකුඩා වැල්ලේ තබා පා යුග දෑත කරගැට දෙස බලා සුදු පුතා පිට කිදුරු කුමරුන් දියඹ වෙත පියමන් කලා...   දියඹ පීරා ගෙනා අස්වනු  වැලි තලාවක අතුරලා කිදුරි මොහොතක් කිදුරා යන මග බලා දෑතම එක් කලා.... වැල්ල හාරන් සිප්පි අහුලන පුත… Read More
  • ලී කෙලි වන්නම්පදුරු බටලී සොයා ගන්නට තැනක් නැති කොන්&#… Read More
  • කොටුව දුම්රියපළ ඉදිරිපිට කාකි ඇදුමන් ඇගෙහි ලාගත් මාර සේනා නිතර යන එන රක්ත වර්නෙන් උස්ව මොරදී නුවර වැසියන් නිතර රැස්වෙන අව්ව වැස්සට තෙමී දින සති අට්ටාල වල රැය පහන් වන රජුන් මැතිදුන් වසා නෙත් යුග හනික පිම්මේ ඉගිල්ලී යන වීදි පහනක එලිය මගහැර අමාවක තැන්… Read More

9 Comments:

  1. අපේ ආචාරය !

    ReplyDelete
  2. අපි යන්නේ කොයි පාරේ බාලේ නිශ්මි ගිය පාරේ....

    නේද යාළුවේ

    ReplyDelete
  3. අපොයි අම්මේ මුලදී හොඳට නෑවා එත් මදි ....පස්සේ කෑවා ....කවදත් වෙන එක වුනා ....බම්බා වලින් රැට කාලා අද යන්තම් අලුත් කඩේ වැඳලා ...යහපාලනයට පින් අනුමොදන්කරලා අපි හොරිවිල ගියා..උනුත් එකයි මුනුත් එකයි පෝලිමට XXකයි.

    ReplyDelete
  4. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

    ReplyDelete
  5. http://sinhala.lankanewsweb.net/featured/cyber-wall/item/1350-2015-10-30-17-03-11

    ReplyDelete
  6. හපොයි..ලේ කුපිත වෙනවා...මෙව්ව විසඳන වෙන ක්‍රමයක් අපිට කවදාවත්ම හොයා ගන්න බැරි වේවිද?

    ReplyDelete
  7. ගහපිය බොලව් ගහපිය..

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...