මේ මම @ Facebook

ගහපියව් බොල ගහපියව්



ගහපියව් බොල ගහපියව්
ඔලු පැලෙන්නට ගහපියව්
රුහිරු බිඳු දැක සිත් නිවේනම්
තවත් හය්යෙන් ගහපියව්....

විදු මව්න් නොමරා මරන විට 
නෙත් කඳුලු පිරෙනව බොලව්
අමුතුවෙන් කඳුලැල් අවැසිනම්
කඳුලු ගෑසුත් ගහපියව්....

රුහිරු මදිනම් කඳුලු මදිනම්
උවමනා මොනවද කියව්
අපේ ජීවිත අවැසිනම් තව
පපුවටම උන්ඩය තියව්....

දහස් ගනනින් ඔලු පැලූවත්
එක එකා තොපි මරා දැමුවත්
සිප් සතර දෙන මව් රකින්නට 
හෙටත් අපි එනවා බොලව්....

                                                  -----හිතුවක්කාරයා----

Related Posts:

  • සරසවි බිම ඉදිරිපස ඇති අට්ටාලය දෙසට මුහුන ලා ඇති ගසට..... අතු පතර විහිදාන ඇසිපිය පවා නොසලාන කෙදින හො ජය ටැඹක් දකිමැයි අට්ටාලෙ  දෙස බලන වගනම්.... මසකට වරක් නොවරදව දෙනෙත් කදුලින් බරව සෙවන දේ හිස පසෙක හරවන් අවි අමෝරන කුලී රැලකට... ඉද හිටක බැටන් පොලු තව විටක කඳු… Read More
  • ප්‍රේමය...... බලමි මල්  දහසක්... සිබිමි ඉන් මල්  සියයක්.... වැළඳගමි මල්  දහයක්.... නමුදු රස විඳිමි එක් මලක්  පමනක්....                       … Read More
  • නුඹට.... පුරන් වූ කෙත් බිම  නිලට අස්වද්දන්නට...... අඳුරු වූ නුබ ගැබ සඳ කැනින් නහවන්නට...... රුදුරු සහරා කතරට අසනි වැසි වස්සන්නට....... ඉරි තැලුනු මහද ගැබ ආදරෙන් සනහන්නට....... නුඹ පැමිනි වගනම් සොඳුරියෙ නුඹ … Read More
  • Walking path කෑ දේ දිරවන්න බඩ තඩි පිරිමි බඩ තඩි ගැහැනු ඇවිදිති සැතපුම් ගනන් දුර..... පාන් පෙත්තක් සොයා ඔවුන් පසුපස යදිමින් තවත් සමහරක් අය ඇවිදිති සැතපුම් ගනන් දුර..... ජීවිතය නම් වූ Walking path එක තුල.....  &… Read More
  • මෙසේ පාපොච්චාරනය කරන වගනම්.... තරාදිය එක් අතින් එල්ලා දෑස් රෙදි කඩින් බැඳ යුක්තියේ යුවතිය අසල හිඳි නඩුකාර තැන අසනු මැන වයස දාහතක් පිරුනත් තවම පාසල් ගමන නෑ නිම ඉඳ හිටක හෝ සුවාමිනි මම පාසලට පිය නැගුව සත්තයි.... අපේ වයසේ උන්නු සමහරු අඳුරු මු… Read More

9 Comments:

  1. අපේ ආචාරය !

    ReplyDelete
  2. අපි යන්නේ කොයි පාරේ බාලේ නිශ්මි ගිය පාරේ....

    නේද යාළුවේ

    ReplyDelete
  3. අපොයි අම්මේ මුලදී හොඳට නෑවා එත් මදි ....පස්සේ කෑවා ....කවදත් වෙන එක වුනා ....බම්බා වලින් රැට කාලා අද යන්තම් අලුත් කඩේ වැඳලා ...යහපාලනයට පින් අනුමොදන්කරලා අපි හොරිවිල ගියා..උනුත් එකයි මුනුත් එකයි පෝලිමට XXකයි.

    ReplyDelete
  4. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

    ReplyDelete
  5. http://sinhala.lankanewsweb.net/featured/cyber-wall/item/1350-2015-10-30-17-03-11

    ReplyDelete
  6. හපොයි..ලේ කුපිත වෙනවා...මෙව්ව විසඳන වෙන ක්‍රමයක් අපිට කවදාවත්ම හොයා ගන්න බැරි වේවිද?

    ReplyDelete
  7. ගහපිය බොලව් ගහපිය..

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...