මේ මම @ Facebook

ගහපියව් බොල ගහපියව්



ගහපියව් බොල ගහපියව්
ඔලු පැලෙන්නට ගහපියව්
රුහිරු බිඳු දැක සිත් නිවේනම්
තවත් හය්යෙන් ගහපියව්....

විදු මව්න් නොමරා මරන විට 
නෙත් කඳුලු පිරෙනව බොලව්
අමුතුවෙන් කඳුලැල් අවැසිනම්
කඳුලු ගෑසුත් ගහපියව්....

රුහිරු මදිනම් කඳුලු මදිනම්
උවමනා මොනවද කියව්
අපේ ජීවිත අවැසිනම් තව
පපුවටම උන්ඩය තියව්....

දහස් ගනනින් ඔලු පැලූවත්
එක එකා තොපි මරා දැමුවත්
සිප් සතර දෙන මව් රකින්නට 
හෙටත් අපි එනවා බොලව්....

                                                  -----හිතුවක්කාරයා----

Related Posts:

  • අවන්හලකදී...... අවන්හලක වූ කෙරවල            අසුනක තනිවම ඉඳගෙන තොලගා         මදුවිත දෑස'ඩවන් කර නිසලව             හිඳි විට බමනව දැනෙනව ලෝකය   &nb… Read More
  • ජීවිතය සොයන සකිසඳට....... පොත් ගුලක් තුල වැද පොත් පත් එකින් එක ඇද සොයන්නෙ කිමක් දැයි කියන් මා සකිසඳ..... සරසවියෙ තුරුලෙ හිඳ සිව් වසක් ගෙවා පොත් මැද මෙතෙක් කල් ඇස නොගැටි  ජීවිතය සොයනවද....... මිනිසුන් අතර හිඳ ගෙවු මුත් දිවිය සුසු… Read More
  • වර්තමානය.....ජිවිතෙ සුන්දරයි.... පට්ටම පට්ට සුන්දරයි...  ඒත් අතීතීතය.. බොහෝ තැන් ක‍ටුකයි... අනාගතය... කොහොම වේවිද කියන්න දන්නෙ නෑ. හිතා ගන්නත් බැ. ඒත් වර්තමානය පට්ටම පට්ට විදිහට සුන්දරයි. මට තේරෙන්නෙත් මට දැනෙන්නෙත් එච්චරයි. ඔයාටවත් … Read More
  • උබලා කවුරුවත් මාව පිලිගන්න අවෙත් නෑ.... මාව ගනන් ගත්තෙත් නෑ.... මට කතා කලෙත් නෑ..... ඒක නිසා මම දැන් යනවා...... හැබැයි මට උන මේ අසාධාරණය වෙනුවෙන් මම පුලුවන් උපරිම තැනට පැමිණිලි කරලා උබලා හැමෝම හිරේට දාලා මම ලොකු වන්දිය… Read More
  • ------------ ගමේ සැදෙන පිරිත් කො‍ටුව නුබ කැටයමින් හැඩ වැඩ උනාදෝ නුබේ ගෙපැල පිරිත් පැලේ කැටයම් නැති උනාදෝ......... පන්සලේ පල්ලියේ බිත්ති මත නුබේ සිහින සිතුවම් උනාදෝ නුබේ පැලේ බිත්ති සතර සිතුවම් නැති උනාදෝ...... මගුල් ගෙයට… Read More

9 Comments:

  1. අපේ ආචාරය !

    ReplyDelete
  2. අපි යන්නේ කොයි පාරේ බාලේ නිශ්මි ගිය පාරේ....

    නේද යාළුවේ

    ReplyDelete
  3. අපොයි අම්මේ මුලදී හොඳට නෑවා එත් මදි ....පස්සේ කෑවා ....කවදත් වෙන එක වුනා ....බම්බා වලින් රැට කාලා අද යන්තම් අලුත් කඩේ වැඳලා ...යහපාලනයට පින් අනුමොදන්කරලා අපි හොරිවිල ගියා..උනුත් එකයි මුනුත් එකයි පෝලිමට XXකයි.

    ReplyDelete
  4. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

    ReplyDelete
  5. http://sinhala.lankanewsweb.net/featured/cyber-wall/item/1350-2015-10-30-17-03-11

    ReplyDelete
  6. හපොයි..ලේ කුපිත වෙනවා...මෙව්ව විසඳන වෙන ක්‍රමයක් අපිට කවදාවත්ම හොයා ගන්න බැරි වේවිද?

    ReplyDelete
  7. ගහපිය බොලව් ගහපිය..

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...