මේ මම @ Facebook

වර්තමානය.....

ජිවිතෙ සුන්දරයි.... පට්ටම පට්ට සුන්දරයි...  ඒත් අතීතීතය.. බොහෝ තැන් ක‍ටුකයි... අනාගතය... කොහොම වේවිද කියන්න දන්නෙ නෑ. හිතා ගන්නත් බැ. ඒත් වර්තමානය පට්ටම පට්ට විදිහට සුන්දරයි. මට තේරෙන්නෙත් මට දැනෙන්නෙත් එච්චරයි. ඔයාටවත් මටවත් අතීතයට යන්නවත් අතීතය වෙනස් කරන්නවත් බෑ. ඒත් ඔයාටත් මටත් අනාගතයට යන්න පුලුවනි. අන්නගතය වෙනස් කරන්නත් පුලුවනි. ඒත්.... ගෙවිගිය අතීතය, දැන් ගෙවෙන වර්තමානය වගේම අනාගතයත් යම් දිනෙක යම් ලෙසකට අපිට දැනේවි... අනේ මන්ද... හිතාගන්නත් බෑ. ඒත් ඒ ගෙවී ගිය ක‍ටුක අතීතයටත් කිසිත් නොදන්න අනාගතයටත් වඩා ගෙවී යන වර්තමානයට මන් ගොඩක් ආසයි... ඒ වෙන මොකුත් නිසා නෙවෙයි, වර්තමානය මට තේරෙන නිසා... මට දැනෙන නිසා.... වර්තමානය පට්ටම පට්ට විදිහට මට දැනෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති.... මට අතීතයෙන් වත් අනාගතයෙන් වත් පලක් නෑ.... මට තේරෙන, මට දැනෙන වර්තමානය තිබුනොත් හොදටම ඇති........  

''වසා දමමි මුලු මහත් අතීතය
වසා දමමි අනාගතය
වර්තමානය පමනි ජීවිතය''

                                                  (මහගමසේකර- හෙට ඉරක් පායයි)

                                                                                                                           -----හිතුවක්කාරයා-----

4 Comments:

  1. අද හොඳම දවස කරගනිමු සැමදා හොඳවේවි

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත නලින් අයියේ.... ස්තූතියි ආවට......

      Delete
  2. අතීතය කියන්නේ තනිකරම රස වැදැල්ලක්.. වර්තමානේ කොච්චර කටුක උනත්, ඒ අපි වර්තමානය කියන දේ අතීතය උන දාක, ඒකත් එහෙමමයි.. අදහස- ගුණදාස ලියනගේ මහතා..

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...