මේ මම @ Facebook

ප්‍රේමයේ මළගම....


සැඩ හිරු ‍රැසින් ගිනි ගහනා මරු කතරේ
දෙනෝ දහක් මැද ඇවිදන් යන අතරේ
දුහුවිලි දා බිදිති මුහුනේ ‍රැඳි අතරේ
නුබ සිටි අපූරුව අදහනු බැහැ සොඳුරේ....

පොඩි උන් සිටියි තැන තැන සෙල්ලම් කරනා
උයනේ කොනක බන්කුව මත නුබ සිටිනා
තනි නොතනියට අත අල්ලාගෙන සොඳිනා
කුමරෙකු සිටිනු අදහා ගනු බැරි කරුනා...

ඉවසා තවත් කෙලෙසක මා හිඳින්නද
හද බැඳි උතුම් පෙම නිම කර දමන්නද
කෙලෙසක තවත් නුබ මාගේ සිතන්නද
මා පෙම් කලේ මේ ලෙස දුක් ලබන්නද.....

පිවිතුරු උතුම් යැයි කී පෙම නිම කරමි
හදවත බැඳුන පැතුමන් උගුලා දමමි
හිරු ‍රැස් ඉවසාන තනිවම වල කපමි
දෙනෝ දහක් මැද පෙම වලලා දමමි....

                                                                                                             .....හිතුවක්කාරයා.....

Related Posts:

  • වෙනසක්.......?????? ගුවන් ගැබ අවුරාකලු වලා කෝඩ අතුරාඅකුණු සර වැදී හදමුරුසන් වැස්සේ තෙමුනා....හැරි හැරී බැලූ අතමීදුම් සලු වටව ඇතපා තබන දිශාවක් හරියටම නිච්චි නැත...... ? ? ? ? ? ? ? ? ? ? ? ? වසා පැමිනි මීදුම් සලු අතර   &n… Read More
  • හැරගිය නුබට..... රැ අහස සරසවන සුපුන් සද නුබ ගන්න සදවතට තනි රකින තරු කැකුලු මට දෙන්න..... මද නලට ගසා යන මල් සුවද මට දෙන්න සොදුරු යැයි ලොව දකින මල් පොකුර නුබ ගන්න.... කෙල පිඩක් මෙන් එදා මහ මගට දමා ගිය … Read More
  • ප්‍රේමයේ මළගම.... සැඩ හිරු ‍රැසින් ගිනි ගහනා මරු කතරේ දෙනෝ දහක් මැද ඇවිදන් යන අතරේ දුහුවිලි දා බිදිති මුහුනේ ‍රැඳි අතරේ නුබ සිටි අපූරුව අදහනු බැහැ සොඳුරේ.... පොඩි උන් සිටියි තැන තැන සෙල්ලම් කරනා උයනේ කොනක බන්කුව මත නුබ සිටිනා තනි … Read More
  • ඉසුරුමුණියේ පෙම්වතාට දහක් සෙනග ගැවසෙන තැනදහක් නුඹ බලන්නට එනපිය'ඹ ලැම වසාලන්නටඅමතක වීදෝ.... පුරා දුරාතීතෙක හිදපිය'ඹ වතට තුරුලු කරන්අව් වැස්සට ඉහලන්නටසෙවනක් නැතිවීදෝ.... සියක් වස් ගෙවී ගිය තැනමුව'ග සිනා පොදි බැදගෙනඑදා වගෙම අදත් පෙමින්කෙ… Read More
  • මා සොයපු ජීවිතේ..... මල් හීන පෙති හැලුන පරව ගිය ජීවිතේ නුබට බර දෙන්න බැරි කමයි කවිකම උනේ අත් බැදන් දුර යන්න බැරි නිසා මතු දිනේ නුබෙ සුවද සගවගමි තනි කමට මගෙ හිතේ නුබ ‍රැදෙන හැම තැනම පන්සලක සුව දැනේ ඒත් ඉඩ නෑ නොවෙද පර මලට පුදසුනේ යලි ඒවි ය… Read More

2 Comments:

  1. අාදරය විතරක් ෙනෙම් හැම ෙදයකත්ම බැලුෙවාත් දුකයි.....දුකයි කියල හිතාන ඊලග ඒන ෙද්ටත් මුහුණ ෙදන් ඔ්ෙන

    ReplyDelete
  2. ඇයි කලේ.....මුලු හදින්ම ඔබ මට ආදරේ........???

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...