මේ මම @ Facebook

කවිය අද

අවුරුදු ගානකට කලින් ලියපු කවියක් අද අහම්බෙන් වගේ පොතක තිබිලා හම්බ උනා.ඒ කව්පද මාව නොදැනීම අතීතයට ගෙන ගියා..එදා මම ඒ කවිපද ටික ලියුවේ කවියට අත්වෙලා තියෙන ඉරණම හදවතින්ම දැකපු විදිහයි... එදා ඒ ලියපු කවිපද අදටත් එදා වගේම වලන්ගුයි කියල හිතෙනවා.. මන්දයත්, එදා වගේම අදත් රසවිදනයෙන් යුත් මිනිසුන් සිටින්නේ ඉතාම අල්ප ප්‍රමානයක් නිසා...
                          
                             කවියක පද අමුනන්න, කව් පදයක් කියවන්න, ඒ කව් පද රසවිදින්න තරම් රසාලිප්ත හදවත් අද හොයාගන්න නැති තරම්.. එහෙව් කාලේ කවියට මේ වගේ තත්වයක් උදාවීමත් පුදුමයක් නෙවෙයි. රසවින්දනය හීන උන ජාතියක, ඉදිරි ගමන් මගේ දිශානතිය කුමන දිශාවකට යොමුවේදැයි එදා වගේම අදත් මගෙ හිතට වදදෙන ප්‍රශ්නයක්.......

මේ එදා මම ලියපු ඒ කවිය.. 

''කවියටම සිත පුද කරමි මම කවිය මගෙ ලෝකය නිසා
මා ලියූ කවි මමම කියවමි රසවතුන් ලොව හිඟ නිසා
කවට කිසිදින නිගා නොකරමි මරා දැමුවත් හිස ගසා
කළාවට ලැදි සහුදය නුබ කිමද ඉන්නේ නෙතු වසා....''

එදා සිටි පඬිවරුන් ලියු ඒ පද්ය පොත් ඇත් සැඟවිලා
සිරිත් මල්දම සුභාෂිතයද කඩල කඩයට විකිණිලා
තිසර මයුරද හන්ස සදෙසුත් කාවෝ ගුල්ලෝ වනසලා
අහෝ දෙවියනි කළාවක හැටි ගොමරිටිත් බසිති ගිලා....''  

                                                                                                                   
                                                                                                              ..............හිතුවක්කාරයා.........

5 Comments:

  1. පට්ටම ඇත්ත මචෝ.

    ReplyDelete
  2. ඔව් නලින් අයියේ.. අද වෙනකොට ඇතිවෙලා තියෙන ගොඩක් ප්‍රශ්න වලට මුල මිනිස්සුන්ගෙ රසවින්දනයක් නැතිකම......

    ReplyDelete
  3. මාත් ඔබ සමඟ එකඟයි මල්ලී.. මේ නවීන තාක්ෂණයෙන් මේකට බලපෑවා. කීයෙන් කීදෙනාද දැන් කියවන්නේ , ඇහුම්කන් දෙන්නේ. දෘෂ්‍ය විතරයි. ඒක හරියට සැටලයිට් නැවිගේෂන් එකක් දාගෙන ගමනක් යනවා වගේ. ගමන අවසානයේ කොහොමද ගියේ කියලා කිසිම අවබෝධයක් නෑ... ජය!

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත චන්දන අයියේ.... ස්තූතියි මේ පැත්තට ආවට.....

      Delete
  4. කලාකරුවන්ට ෙවන ඉරණම ෙදය්යන්ට මිස කාටනම් කියම්ෙදා්

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...