මේ මම @ Facebook

  • This is Slide 1 Title

    This is slide 1 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 2 Title

    This is slide 2 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 3 Title

    This is slide 3 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

වැස්ස.....

ඉල්ලූ පමනින් හතර අත යදිමින් දුන්නේ කිම මෙසේ ඉවක් බවක් නොමැතිව දරා ගනු බැරි පමණ......                                    ...

පාට හතට.....

රුදුරු මුරුසන් වැස්ස නිමවා පායනා දේදුන්න සුන්දර සිනාසෙන්නේ කිමද මෙතරම් දුරට වී හිඳ පාට තවරන්.... නුබේ ආඩම්බර සිනාවෙන් කියන්නේ යලි අසුරු සැනකින් මුරුගසන් වැසි වැටෙන බවනම් කෙලෙස අප පෙම් කරන් සිතකින්..... ඔලොකුවට සිනාසෙන ආඩම්බර පාට හතට.....                                          ...

විලාපය.....

කෑලි කපන කලුවර පිරි අමාවකේ බස්සෙකු හඩන හඩ ඇසුනයි නිරන්තරේ මූසල බවින් පිරි ගගබඩ වනන්තරේ දෙවනත් කරන හඩකිනි මා තිගැස්සුනේ නොසිතූ ලෙසක බියකින් මා හද සැලුනා සවනත වැකුන හඩ දෙසවන ‍රැව් නැගුනා නෙත් දෙක පියෙන විට යලි හද තිගැසුනා නින්දත් නොනින්දත් අතරින් ‍රැය ගෙවුනා ලා හිරු කිරන විහිදා හිරු නැග තිබුනේ ඇතිවූ බියෙන් එනමුදු නැත සිත මිදුනේ විපරම් කලෙමි කොහි සිටදෝ හඩ ඇසුනේ ගග'බඩ දෙසට මිනිසුන් දිව...

අවජාතක පුත්‍රයෙකුගේ පැනයක්.....

මව් තුරුලේ ගුලි වෙමින් උනුසුමේ සැගවෙමින් හීන් සිරුවේ කිරි උරා බොන බලල් පැටව්නේ මේ අසාපන්..... දන්නවාද පැටව්නේ නුබ පියාගේ වගතුග ඇසුවේද කවුරු හෝ කෙදිනක පියෙකුගේ වගතුවක්.... දනිමි මා කෙදින හෝ ලොකයා පියෙකු ගැන නොවිමසනා බව නුබටද පැනයක් නොවන වග නුබ පියාගේ වගතුවක්..... නමුදු මා හද ගැහෙයි නිතැතින් සිතේ තෙරපෙයි විසල් පැනයක් කිමද මේ ලොව මගෙන් පමනක් විමසුවේ පියෙකුගේ වගතුවක්......

රත්න ශ්‍රි විජේසින්හ කිවිදානන්ට.....

''වන්කගිරි අරණේ'' සැරීමට  ''බිය නොවන් අයියණ්ඩී'' යැයි කියමින් ''සල්ගහ යට'' සිට අත වැනූ කිවිඳාන.... ''වස්සනේ අබර''ට පෑයූ ''ගුරු තරුව''ක්ව නුබ ''සුබ උදෑසන''ද අබරෙන් බැස නොගිය කිවිඳාන.... ''සන්ද්්‍ය තීර්තයෙ''න් සමුගෙන අබරෙන් බැස නොයනු මැන........

පරපෝෂිතයා....

අදුරු නුබ ගැබ සිසාරා තරු කැකුලු වට කරන් ආඩම්බර මදහස පෑමුත්  නුබ.... තවම නොදන්නේ මන්ද නුබත් පරපෝෂිතයෙකු වග හිරු ‍රැසේ පිහිටෙන් එලිය විහිදුවන.......

මා සොයපු ජීවිතේ.....

මල් හීන පෙති හැලුන පරව ගිය ජීවිතේ නුබට බර දෙන්න බැරි කමයි කවිකම උනේ අත් බැදන් දුර යන්න බැරි නිසා මතු දිනේ නුබෙ සුවද සගවගමි තනි කමට මගෙ හිතේ නුබ ‍රැදෙන හැම තැනම පන්සලක සුව දැනේ ඒත් ඉඩ නෑ නොවෙද පර මලට පුදසුනේ යලි ඒවි යැයි කියා බලා ඉමි මතු දිනේ නුබට වෙන් වෙච්ච තැන හිස් වෙලා දැන් හිතේ නොතේරුම් කමට මා වැරදිලා ගිය මගේ නුබ සිටිය අතරමග අපූරුව හරි අගේ තුරුනු ඇස් වලින් මේ ජීවිතය දු‍ටු දිනේ හිත...

වෙනසකට පෙර....

පහන් සිල නිවෙන්නට පෙර දඟලයි මෙසේ සකිසඳ ඉවසන් තව මොහොතක් නිවේවි පහන් සිල අපිවත් නොසිතනා මොහොතක.... කකුලුවා උව හැලියේ සිටින අඬු විහිදා දිය කෙලින සඳ නොදනී හැලිය යට බුර බුරා ගිනි ඇවිලෙනා වග......

නූතන ප්‍රේමය....

.තද ඩෙනිමට හිර කමිසෙට අතේ රැදුනු දුරකථනෙට හදේ උපන් යැයි පැවසෙන පෙම පුදදෙන අපූරුව.... මොනරු නැතත් පොකැට් එකේ ක්‍රෙඩිට් කාඩ් ඇත්නම් අත ෂොපින් ගිහින් ගත් ඇදුමට පෙම පුදදෙන අපූරුව.... බඹරා වගේ ඉගිලී එන ස්කූටර් යන්තරේට වහ වැටිලා චාටු බසට පෙම පුදදෙන අපූරුව.... කාත් කවුරුවත් නොදන්න හෝටලයක කාමරයක උතුම් සිතා පිදු ප්‍රේමය සිරකරනා අපූරුව.... මිල මුදලට චාටු බසට කාමරයේ ඇද මත හිද දන්ඩේ...

ප්‍රේමයේ සිහිවටන....

වැඩපලට යනෙන'තර පසුපසින් විත් නිතර සදක් වාගෙයි මුහුණ කියු නුඹ අද කොහිද.....? ODEL, NOLIMIT වල  කැටුව ගොස් මා නිතර දෝත පුරා තැගි දුන් සොදුර නුඹ අද කොහිද.....? මගේ පණ දෙවනි කොට ආදරය කල පවට දස මසක් ඇවැමෙන් නුඹ වැනිම සදක් දුන් සොදුර නුඹ අද කොහිද.......

දුෂ්කර ක්‍රියා.....

මේසයේ වට තබන් බෝ උස පොත් කදු රැය පුරා නිදි වරා වන පොත් කරනා'යුරු.... නිදි දෙවිදු හිනැහුනත් නොබලමින් එදෙස නිති දෙපා වතුරෙන් තෙත් කරන් සරසවිය සිහිනෙන් දකිනා'යුරු.... ඈත කොලනියට වී පුතු රජෙකු කරන්නට කට්ට අව්වේ කර වෙමින් පිය රජු වෙහෙසෙනා'යුරු.... සරසවිය වෙත පිය නගා සිව් වසක් නිදි වරා උපාධිය හිස තබන් සමාජයට පා තබනා'යුරු.... උපාධිය අත ඇතත් මිල මුදල් නැති කමින් රස්සා හොයන්නට බලව...

අළුත් පෙම්වතියට....

පෑ දිය තලයක් වන් අහස් ගැබ වසා පැමිනි කලු වලා කෝඩ පිනි බිදෙන් පිනි බිද බිමට හෙලා මහ වරුසාවක්ව වට අපූරුව...... දසත සිසාරා පැතිරුන එලිය වසමින් පැමිනි කලුවර අහස් ගැබ තුල හිද සිනාසී සද දියෙන් සනහාලන අපූරුව...... සොදුරු වූ ම'සිත් ගැබ අදුරු කර ඈ පලා ගිය සද කොහේදෝ සිට නුබ ඇවිත් අඹරට ම'සිත් ගැබ එකළු කළ අරුම.......

හැරගිය නුබට.....

රැ අහස සරසවන සුපුන් සද නුබ ගන්න සදවතට තනි රකින තරු කැකුලු මට දෙන්න..... මද නලට ගසා යන මල් සුවද මට දෙන්න සොදුරු යැයි ලොව දකින මල් පොකුර නුබ ගන්න.... කෙල පිඩක් මෙන් එදා මහ මගට දමා ගිය ආදරය මට දෙන්න සොදුරු වූ ජීවිතය නුබ ගන්න..... ...

?????????

හයේ කනිසමට හෝරා පුවරුව         සැදුනා තෙවැනි සීනුවේ හඩ රග මඩලට       ඇසුනා තිරය ඇරී රස හද අදුරට                    වැදුනා කම් සැප සොයා පෙම්වත් සැම මුලු  ගැසුනා රග මඩලේ වෙන්නේ මොනවා       නොදනී අදුරේ තිසර ලැම වෙත අත දිගු            කරතී රග මඩලේ සිරි බැලුමට පැමිනි...

මිදි = ආදරය

එදා නරියා........... කරනට දෙයක් නොමැතිව අයාලේ ඇවිදින මිදි දුටුව නරියෙකු කෙල පෙරා ආ අපූරුව..... බෝ සේ වෙහෙසව මිදි කඩනු නොහැකිව තිත්ත මිදි යැයි බනිමින නික්ම ගිය අපූරුව.... අද නුබ......... මා දුටුව දින සිට සොදුරුයි හැඩයි කියමින ආදරය යදිමින  පසුපසම ආ අපූරුව බෝ සේ වෙහෙසව අදරය නොලද සද මා හටම බනිමින නික්ම ගිය අපූරුව.......

කෝ කොහිද විරහවක්.....

පන්හිදේ තුඩ'ගින් ගලන ප්‍රේමයේ සොදුරු වදන් පෙළ කැටිව නිති පඹැදේ නෙක සොදුරු පෙම් කව්..... ප්‍රේමයේසොදුරු බව පබැදුනත් නිති කව් තුල කෝ කොහිද විරහ ගීයක් ඒකාකාරී නොවෙද ජීවිතය..... අවැසි මුත් පබදින්න විරහ ගීයක පදවැල කෙලෙස පද බදින්නද ඇය මා අතැර නොගිය කල..... ...

සුනක සලකුණ

ලොවට නව මං තැනූ අසිරිමත් මනු රුව දැක ඉබාගාතේ ඇවිදින සුනකයෙකු තුටුවිය වසුරු අතුරා ඒ මත...... ලොව මවිත කරවන විලස ලොව දුටු දන වීරයන් වී ඇත දුගී දුප්පත් ජන හද තබා නොමැකෙන සටහන...... හැකි ලෙස කුමක් හෝ කර රැදෙනට දුගී ජන හද නැතිද නිදහස කෙලෙස මේ සා විසල් ලොව තුල  සුනක පෝතකයෙකුට...... සුනකයා තුටුවිය කරණට  දෙයක් නොමැතිව තම වසුරු පිඩකින් හැකිලෙස තබා සලකුන...... ...

සිරිමලී........

ඉගනීම පසෙකලාමොණර කොල සොයන්නටකොළඹ රට වෙත වැඩියඇගේ නම සිරිමලී....... මිල මුදල් උපයලාමව්පියන් රකින්නටගෙදර බර කරට ගත්ඇය ගෙදර දෙවඟනී...... වැව් බැම්මෙ හමුවෙලාකැදැල්ලක් තනන්නටදුන් බහට පෙම් කරනඇය ඔහුගෙ පෙම්වතී...... කොළඹ රට සැරිසරාහොරෙන් ගම්දොර අයටබඹරුන්ව සනසවනඇය කොළඹ සමනලී......

තවත් මලකි පරවුනේ....

නිමිත්ත:- රිසනා නෆික් එල්ලා මරා දැමේ..                                                     (පුවතක්) කටේ කිරි සුවඳ යන්නට පෙර දිනේවහලියක ලෙස නැවට...

විවෘතය

රුදුරු මුරුසන්වරුසා දහසක් මැද....ලොවම කැළඹූචන්ඩ මාරුත මැද....සිතම ගිගිරෑඅකුණු සර මැද....පමාවී ආවසන්තය නුඹ....