මේ මම @ Facebook

අඟුරු කැටයෙන් ලියමි..........


රටට විනකල නේක උවදුරු
ලියු නිසා මා මගේ කවියක...........

නොකල වරදක් හිසේ පටවා
 සිරකලා මා අඳුරු කුටියක.............

සිතේ තෙරපෙන නේක අදහස්
සිතේ පබඳිනු යලිඳු කවියක.........

කවි ලියන්නට නොහැක මා හට
අඳුරු කුටියෙදි සුමුදු කොලයක..........

නමුදු කව් පද ගොතමි අද මම
පෑන වෙනුවට අඟුරු කැට ගෙන...........

2 Comments:

  1. වලකන්නට බැරි සිතුම් ගොන්න
    කවි කරමි සිරගත නොකර
    වලකාලන්නට තව බැමි නැති කොට
    හිත නිදහසේ ලියමි මම කව..

    ReplyDelete
    Replies
    1. සිතිවිලි ගොන්න ගැලුවත් බැමි පවුරු බිඳ
      පන්හිඳ පොර බඳී දෑඟිලි අතර හිඳ
      ලියු කව් වලට වාරණ එන දිනකි අද
      කෙලෙසක ලියමි මා සිතිවිලි කවක බැඳ..........

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...