මේ මම @ Facebook

කවියාගේ බිරිඳ කවියාට කී කව.........


බණ පොත් සදෙස් කව්
පෙරලමින් කියවමින්
රැය පුරා නිදි වරා
කිමද කරනා කාරණා.........

රැය පුරා අවදියෙන්
නුඹ කුටියෙ කව්ලුවෙන්
අඳුරු ගඟනත බලා
කිමද කරනා කාරණා.........

උදැසන නුඹ කුටිය
වෙත අව්ත් බලන කල
දසත විසිරී තිබේ
කරදහි බෝල අපමණා..........

පුරා දස වසකටත්
එහා ගිය කාලයක්
නුඹ ලියූ කව් වලින්
කිමද මට ඇති කාරණා........

නුඹ සමග එකට සිටි
නුඹ තරම් උගත් නැති
නුඹ මිතුර විඳින සැප
බලනු මැන හිමි නෙතු අයා........

අසනු මැන හිමි සඳුනි
ගිලී නොසිටම තවත් කව් වල
බඩ වියත රකිනු වස්
සොයන් කහවනු අපමණා............

2 Comments:

  1. Replies
    1. ගොඩාක් ස්තුතියි නන්ගියෝ නියගලා බැලුවට..........

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...