මේ මම @ Facebook

නන්ගිගේ මලගම දා........


නුබට කලින් අපෙ අම්මා
අප හැරදා ගිය හින්දා
අම්මා නෑ නුබෙ දෙන ලඟ
හඬා වැටෙන්නට නන්ගියෙ........

කට ගොන්නක් බීගෙන විත්
අප්පච්චි අබ ගහ යට
පෙරලි පෙරලි හතර අතට
නන් දොඩවනවා මතේට.........

කාලයකින් මුන ගැහිච්ච
යාලුවො හා පිලිසඳරක
කැකිරි සිනා හඬ තල තල
ලොකු අක්කා උදේ ඉඳන්.......

සිගරට් කොට පුච්ච පුච්ච
යාලුවො එක්කල එක්වී
බූරු ගහනවා ඉඳගෙන
ලොකු අය්යා පිලිකන්නෙ........

වෙස්සන්තර ජාතක පොත
අහලකවත් නෑ රැඳිලා
ඉහ ඉද්දර තෙල් මදිවුන
පහන් සිලුව ඉකි බිඳිනව.......

නුබ මල බව එ අයගේ
දෙනෙත් අතර නොරැඳුනාට
නුබෙ දෙන ලඟ මම ඉන්නව
හැමදාමත් තනි රකින්න.........

5 Comments:

  1. දුකයි . ඒත් ඇතමුන්ට අත්දකින්න වෙන සැබෑවක්.

    ReplyDelete
    Replies
    1. ඔව් බට්ටි අක්කේ.... මේ මගේ අත්දැකීමක්

      Delete
  2. සුපිරියි
    verification capcha magula ayin karanna macho

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ......

      Delete
    2. ස්තුතියි සහෝ......

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...