කෑලි කපන කලුවර පිරි අමාවකේ
බස්සෙකු හඩන හඩ ඇසුනයි නිරන්තරේ
මූසල බවින් පිරි ගගබඩ වනන්තරේ
දෙවනත් කරන හඩකිනි මා තිගැස්සුනේ
නොසිතූ ලෙසක බියකින් මා හද සැලුනා
සවනත වැකුන හඩ දෙසවන රැව් නැගුනා
නෙත් දෙක පියෙන විට යලි හද තිගැසුනා
නින්දත් නොනින්දත් අතරින් රැය ගෙවුනා
ලා හිරු කිරන විහිදා හිරු නැග තිබුනේ
ඇතිවූ බියෙන් එනමුදු නැත සිත මිදුනේ
විපරම් කලෙමි කොහි සිටදෝ හඩ ඇසුනේ
ගග'බඩ දෙසට මිනිසුන් දිව යනු පෙනුනේ
ඇගලා ගතිමි අසුවුන රෙදි කැබැල්ලකින්
හනිකට දිව ගියෙමි හිස් දෙපා මතින්
රැස් කන දනන් මැද රින්ගා බැලූ සැනින්
දුටු දසුනින්ම හදවත යලි වැටුනි කඩන්
සුන්දර තරුනියකි ඇය දුටු දන මන බදින
සැමගේ අදර සැලකිලි මැද දිවි ගෙවන
හමුවන සැමට තෙපලයි සුන්දර වදන
ඇගෙ පෙම පතා පැමිනෙයි බබරුන් තරුණ
ඇය දැන් සිටි මිහිකත මත මුහුන හොවා
කඳ එක ඇනක හිස ඇත තව තැනක තබා
රත් පැහැ රුහිරු දහරා යයි තවම ගලා
රෙදි පිලි ඇගේ වත මත වත් නොමැත තබා
පෙර දින ඇයව වත්තන් කර පැමිනි සැනින්
කෙලෙසා ඇගේ මුලු දිවියම අඳුරු කරන්
පණ නළ සිඳුන ඈ ගග'බඩ ඇතත් නිතින්
එනමුදු ගඟ ගලයි කිසිවක් නොවුනු ලෙසින්
-----හිතුවක්කාරයා----